ගිනිගත් ඉන්දීය දුම්රියේ ශ‍්‍රී ලාංකිකයින් නැහැ.
2012 ජූලි 30 සඳුදා- පස්වරු 06:11
ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් හිදී අද (30) පෙරවරුවේ දුම්රිය මැදිරියක් තුළ ඇති වූ ගින්නෙන් කිසිදු ශ‍්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවූ බවට වාර්තා වී නැතැයි ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කලා. නවදිල්ලියේ සිට චෙන්නායි බලා ගමන් ගනිමින් තිබූ තමිල්නාඩු එක්ස්ප‍්‍රස් නැමැති දුම්රියේ මෙම ගින්න හට ගත් අතර, ඉන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගින්න හට ගන්නා අවස්ථාවේදී එම මැදිරියේ මගීන් 70කට අධික පිරිසක් සිටි බව සඳහන්. නවදිල්ලි නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප‍්‍රකාශක සුගීශ්වර සේනාධිර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙවැනි අනතුරකදී ශ‍්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවුවහොත් පමණක් ඔවුන් මහකොමසාරිස් කාර්යාලය දැනුම් දෙන බවයි. මෙතෙක් එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බව ඔහු සඳහන් කළා. එමෙන්ම දඹදිව වන්දනාවල නිරත වන ශ‍්‍රී ලාංකිකයින් බොහෝ විට කල්කටා සහ මුම්බායි හරහා ගමන් ගන්නා අතර දිල්ලි - චෙන්නායි දුම්රිය භාවිත කරන්නේ සුළු පිරිසක් බවත් මහ කොමසාරිස් කාර්යාල ප‍්‍රකාශකයා කියා සිටියා.
