කොළඹ මහ නගර සභාවේ සෙංකෝලය පැහැර ගනී.
2012 ජූලි 30 සඳුදා- පස්වරු 06:15
කොළඹ මහ නගර සභාවේ මාසික සභා වාරය පැවැත්වෙන අතරතුරදී විපක්ෂයේ මන්ත‍්‍රිවරයෙකු විසින් සෙංකෝලය පැහැර ගැනීමේ සිද්ධියක් අද (30) වාර්තා වුණා. කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් කියා සිටියේ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු වන අනුර සුජීව මෙලෙස සෙංකෝලය පැහැරගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය චෝදනාව එල්ල වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නාගරික මන්ත‍්‍රී අනුර සුජීවගෙන් විමසීමක් කළා.
