අයි. ඕ.සී. ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවට සූදානම්.
2012 ජූලි 30 සඳුදා- පස්වරු 06:25
ලංකා අයි. ඕ.සී. සමාගම ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් ඒ සඳහා ආයෝජනය කිරීමටයි අයි. ඕ.සී. සමාගම සැලසුම් කර ඇත්තේ. අයි. ඕ.සී. සමාගම ඉන්දියාව තුළ තෙල් පිරිපහදු 10ක් කි‍්‍රයාත්මක කරනු ලබන අතර ශ‍්‍රී ලංකාවේ පිරිපහදුවක් ඉදිකළහොත් එය ඉන්දියාවෙන් පිටත කි‍්‍රයාත්මක කෙරෙන පළමුවැන්න වනු ඇති. වසරකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් මිලියන 5ත් 9ත් අතර ප‍්‍රමාණයක් පිරිපහදු කිරීම සඳහා අයි. ඕ.සී. පිරිපහදුව සැලසුම් කර තිබෙනවා. ශී‍්‍ර ලංකාව තුළ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා බදු සහන ලබා ගැනීමට ලක් රජය සමග සාකච්ඡා කරමින් සිටින බව අයි. ඕ.සී. සමාගම ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කළා. ශ‍්‍රී ලංකාවේ වාර්ෂික තෙල් පිරිපහදු අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් මිලියන 4.5ක් වන අතර සපුගස්කන්ද පිරිපහදුව මගින් වසරකට නිපදවනු ලබන්නේ මෙටි‍්‍රක් ටොන් 2ක් පමණයි. මේ නිසා පිරිපහදු කළ ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 2.5ක් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.
