4 වන එක්දින තරගය අද.
2012 ජූලි 31 අඟහරුවාදා- පස්වරු 01:10
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හතර වන එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී අද (31) පස්වරුවේ ආරම්භ වනවා. මෙතෙක් පැවැති තරග වලදී ජයග‍්‍රහණ දෙකට එකක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය පිළයි. තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් ශ‍්‍රී ලංකාව අද (31) තරගය ජයග‍්‍රහණය කළ යුතුයි. තුවාල ලැබීම හේතුවෙන් කුමාර් සංගක්කාර සහ නුවන් කුලසේකර මෙම තරගයට සහභාගි වන්නේ නැහැ. සංගක්කාර වෙනුවට ලහිරු තිරිමාන්න කණ්ඩායමට එක්වනු ඇති අතර, දිනේෂ් චන්දිමාල් කඩුලූ රකින්නා ලෙස කටයුතු කරනු ඇති. ඉසුරු උදාන වෙනුවට අද (31) තරගය සහ පල්ලෙකැලේ පැවැත්වෙන 5 වන එක්දින තරගය සඳහා නුවන් ප‍්‍රදීප් යොදා ගනු ඇතැයි අපේක්ෂිතයි.
