Last Updated : 26/11/2014 - 08:50 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
5
shares
704
Views
බාල ඞීසල්වලින් ෆිල්ටර් ඉදිමෙයි. 
Tuesday, 31 July 2012 - 18:57 | Download hirunews app on Android & Apple
Share this article

ඞීසල්වල ඇතිවී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශේෂ පරීක්ෂණ දෙකක් සිදුකර තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් පිරිපහදුවේ ඇති විශේෂ රසායනාගාරවල මෙම පරීක්ෂාකිරීම් සිදුකළ බවයි එහි ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සිදුකළ පරීක්ෂාවලින් අනාවරණය වී ඇත්තේ ඞීසල්වල ප‍්‍රමිතියෙන් බාල සංඝටකයක් වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් ඞීසල් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන නිසා ඞීසල් සාම්පල් කිහිපයක් පසුගියදා ඩුබායි රාජ්‍ය වෙත යවනු ලැබුවා. එහි පරීක්ෂණ වාර්තා අද රාත‍්‍රිය වනවිට අමාත්‍යාංශය වෙත ලැබෙන බවයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වුවත් වාර්තාවන සිද්ධීන් සහ පැමිණිලිවලට අනුව ඞීසල්වල යම්කිසි ගැටළුවක් පවතින බවට අනුමාන කළ හැකි බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

 

අද දිනයේදීද දිවයිනේ ප‍්‍රදේශ රැසක ඞීසල්වලින් ධාවනය වන වාහන විවිධ අවස්ථාවලදී ක‍්‍රියාවිරහිත වී ඇති බවට හිරු ප‍්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. ගතවූ පැය 48 තුළ මගී ප‍්‍රවාහන බස් රථ 60 - 70 ත් අතර සංඛ්‍යාවක් මගීන් සමග අතරමග නතරවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනාවරණය කළා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එම බස් රථවල ෆිල්ටරය ඉදිමී අක‍්‍රිය වීමෙන් මෙසේ අතරමග නතරවී ඇති බවයි.

 



 

 බස් රථ අතරමග නතරවීම සම්බන්ධයෙන් බස් රථ හිමියන් කිහිපදෙනෙකුද හිරු ප‍්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කළා.

 



 

මේ අතර ෆිල්ටරය ඉදිමීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ඞීසල් වාහන 40 ක් පමණ අක‍්‍රිය වී ඇති බව අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්ධන පිරවුම් හල සතුව ඇති ඞීසල් භාවිතා නොකරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නියෝග කර තිබෙනවා.  

 
ඞීසල් ගැටලූව පිළිබඳ විමසීමට ඛනිජතෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය දැඩි උත්සාහයක් දැරුවත් එය ව්‍යවර්ථ වුණා.



Add/ View comments
  704 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 19:20
ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     49  Views  
Share
 1,444  Views   |

Share
 27,382  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,763  Views   |
Share
 35,093  Views   |