Hirunews Logo
%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9E%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Tuesday, 31 July 2012 - 18:57
බාල ඞීසල්වලින් ෆිල්ටර් ඉදිමෙයි.
17

Shares
2,079

Views

ඞීසල්වල ඇතිවී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශේෂ පරීක්ෂණ දෙකක් සිදුකර තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් පිරිපහදුවේ ඇති විශේෂ රසායනාගාරවල මෙම පරීක්ෂාකිරීම් සිදුකළ බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සිදුකළ පරීක්ෂාවලින් අනාවරණය වී ඇත්තේ ඞීසල්වල ප්‍රමිතියෙන් බාල සංඝටකයක් වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් ඞීසල් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන නිසා ඞීසල් සාම්පල් කිහිපයක් පසුගියදා ඩුබායි රාජ්‍ය වෙත යවනු ලැබුවා. එහි පරීක්ෂණ වාර්තා අද රාත්‍රිය වනවිට අමාත්‍යාංශය වෙත ලැබෙන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වුවත් වාර්තාවන සිද්ධීන් සහ පැමිණිලිවලට අනුව ඞීසල්වල යම්කිසි ගැටළුවක් පවතින බවට අනුමාන කළ හැකි බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

 

අද දිනයේදීද දිවයිනේ ප්‍රදේශ රැසක ඞීසල්වලින් ධාවනය වන වාහන විවිධ අවස්ථාවලදී ක්‍රියාවිරහිත වී ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. ගතවූ පැය 48 තුළ මගී ප්‍රවාහන බස් රථ 60 - 70 ත් අතර සංඛ්‍යාවක් මගීන් සමග අතරමග නතරවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනාවරණය කළා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එම බස් රථවල ෆිල්ටරය ඉදිමී අක්‍රිය වීමෙන් මෙසේ අතරමග නතරවී ඇති බවයි.

 



 

 බස් රථ අතරමග නතරවීම සම්බන්ධයෙන් බස් රථ හිමියන් කිහිපදෙනෙකුද හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කළා.

 



 

මේ අතර ෆිල්ටරය ඉදිමීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ඞීසල් වාහන 40 ක් පමණ අක්‍රිය වී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්ධන පිරවුම් හල සතුව ඇති ඞීසල් භාවිතා නොකරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නියෝග කර තිබෙනවා.  

 
ඞීසල් ගැටලූව පිළිබඳ විමසීමට ඛනිජතෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය දැඩි උත්සාහයක් දැරුවත් එය ව්‍යවර්ථ වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,499 Views
3,608 Views
2,673 Views
2,244 Views
2,408 Views
47,934 Views
Top