යේ ෂිවෙන් පිරිසිදුයි.
2012 ජූලි 31 අඟහරුවාදා- පස්වරු 07:04
ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේ ඊයේ පැවති පිහිනුම් මිශ‍්‍ර ආර මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් චීනයේ යේ ෂිවෙන් තහනම් උත්තේජක ලබාගෙන නොමැති බව බි‍්‍රතාන්‍ය ඔලිම්පික් කමිටුව පවසනවා. ඇය තහනම් උත්තේජක ලබාගත් බවට ඇමරිකානු ක‍්‍රීඩා බලධාරීන් කළ චෝදනාවකට පිළිතුරු ලබාදෙමිනුයි බි‍්‍රතාන්‍ය ඔලිම්පික් කමිටුව මේ බව සඳහන් කර ඇත්තේ. ඇය මෙම රන් පදක්කම දිනාගනිමින් නව ලෝක වාර්තාවක්ද පිහිටවනු ලැබුවා. එය එම පිහිණුම් ඉසව්වේ පිරිමි අංශයේ ලෝක වාර්තාවද අභිබවා යාමක්. ඒ හේතුවෙනුයි ඇමරිකානු ක‍්‍රීඩා බලධාරීන් ඇය පිළිබඳව සැක පළ කර ඇත්තේ.
