තරගාවලියේ ජය ඉන්දියාවට.
2012 අගෝස්තු 01 බදාදා- පෙරවරු 07:18
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර ඊයේ (31) පැවැති සිව් වැනි එක් දින තරගය කඩුලූ 6කින් ජය ගැනීමත් සමග තරග 5කින් සමන්විත තරගාවලියේ ජය ඉන්දියාවට හිමි වුණා. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 251ක්. එහිදී ශ‍්‍රී ලංකා ඉනිම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 51ක් ද ලහිරු තිරිමාන්න ලකුණු 47ක් හා තිලකරත්න දිල්ශාන් ලකුණු 42ක් ද එක්කරනු ලැබුවා. පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මනෝජ් තිවාරි ලකුණු 61කට කඩුලූ 4ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 42යි පන්දු 2ක් අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 255ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. එහිදී අගනා ඉනිමක් ක‍්‍රීඩා කළ විරාට් කෝලි නොදැවී ලකුණු 128යි. සුරේෂ් රෙයිනා ලකුණු 58ක් ලබා ගනු ලැබුවා. මේ අනුව දෙරට අතර පැවැත්වෙන 5 වන සහ අවසන් එක් දින තරගය ලබන සෙනසුරාදා පල්ලේකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
