සිරියාව තීරණාත්මක කඩඉඩමක.
2012 අගෝස්තු 01 බදාදා- පස්වරු 07:36
සිරියාව තීරණාත්මක කඩඉමකට පැමිණ ඇතැයි එරට ජනාධිපති බෂාර් අල් අසාද් ප‍්‍රකාශ කළා. ඔහු සඳහන් කරන්නේ සිරියාවේ අරගල කරන පුද්ගලයින් සහ සිරියානු හමුදාව අතර පවතින මෙම ගැටුම් සිරියාවේ අනාගතය තීරණය කරන බවයි. දැනට සති දෙකක කාලයක් තුළ සිරියානු ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධ වේදිකාවල අදහස් දක්වා නැහැ. නමුත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සිරියානු රජය වීරෝධාර ලෙස සටන් කරන බවයි. සිරියාවේ යුද හමුදා සෙබළුන් සටන් කරන්නේ සාධාරණ හේතූන් නිසා බවද ඔහු සඳහන් කර තිබෙනවා. සිරියාවේ පවතින මෙම ගැටුම් හේතුවෙන් සිරියානු වැසියන් 20,000කට අධික පිරිසක් මේ වනවිට ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ජගත් සංවිධාන වාර්තා සඳහන් කරන්නේ.
