කූන්දන්කුලම් බලාගාරයට තමිල්නාඩුවේ විරෝධයක් නැහැලූ.
2012 අගෝස්තු 02 බ්‍රහස්පතින්දා- පස්වරු 07:02
ඉන්දියාවේ කූන්දන්කුලම් හි ඉදිවන න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අද (02) නවදිල්ලි නුවරදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකළා. ඒ මෙම බලාගාරයේ මූලික අදියරේ ඉදිකිරීම් සඳහා දායක වන ඇමරිකානු සහ ප‍්‍රංශ සමාගම් දෙක සම්බන්ධයෙන්. ඒ අනුව මූලික ඉදිකිරීම්වලදී සමාගම් දෙකෙන් යම් දෝෂයක් සිදුවුවහොත් ඊට එරෙහිව පියවර නොගන්නා ලෙස අග‍්‍රාමාත්‍යවරයා එරට පරමාණු බලශක්ති අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගන්නා ලෙසයි ඔහු එහිදී සඳහන් කළේ. එමෙන්ම මෙම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ විරෝධයක් නොමැති බවද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කොට තිබෙනවා.
