වරදකරුවන්ට දඩුවම් දෙන්න. - උසස් පෙළ සිසුන් ඉල්ලයි.
2012 අගෝස්තු 03 සිකුරාදා- පස්වරු 07:05
සාධාරණයක් විසඳුමක් ඉල්ලා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි කලවාන ප‍්‍රදේශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් දියත් කර ඇති සත්‍යග‍්‍රහයට මේ වනවිට දින 10 ක් ගෙවී අවසන්. කලවාන බස් නැවතුම් පොළ ආසන්නයේ සිටි ඔවුන් අද කොළඹට රැස්වූයේ තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු අනාවරණය කිරීමටයි. එහිදී අදහස් දැක්වූ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් කියා සිටියේ පැහැදිලි විසඳුමක් ලබා නොදී 4 වන වරටත් උසස් පෙළ විභාගයට පෙනී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කිරීම දැඩි අසාධාරණ තීන්දුවක් බවයි.
අධ්‍යාපන බලධාරීන් සිසු සිසුවියන්ගේ ජීවිතවල වටිනාකම අවතක්සේරු කරමින් සිටින බවටද ඇය චෝදනා කළා.
