රගර් තරඟයේ ගැටුමක්.
2012 අගෝස්තු 03 සිකුරාදා- පස්වරු 08:09
ශ‍්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේ අද පැවති අන්තර් සමාජ රග්බි තරඟයකදී ගැටුමක් හට ගත්තා. තරඟයේ අවසන් මිනිත්තුවේදී පොලිස් ක‍්‍රීඩකයෙකු ගුවන් හමුදා ක‍්‍රීඩකයෙකුට පහරදීමත් සමග මෙම ගැටුම හටගත් බවයි එම ස්ථානයේ සිටි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. පොලිස් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරන විදේශීය ක‍්‍රීඩකයෙකුට මෙහිදී තරඟ තහනමක්ද පැනවුණා. ක‍්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුමට පේ‍්‍රක්ෂකයන්ද මැදිහත්වුණ බවයි වාර්තාවන්නේ.
