Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.
Saturday, 04 August 2012 - 7:39
රුසියාව ජගත් මහා මණ්ඩලය හෙළා දකී.
15

Shares
1,880

Views

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඊයේ සම්මත කර ගනු ලැබූ සිරියාව පිළිබද යෝජනාව එහි සාම ක්‍රියාදාමය අවතක්සේරුවට ලක් කර ඇති බව රුසියාව පවසනවා. බටහිර රටවල සහාය ඇතිව ජගත් සංවිධාන මහා මණ්ඩලය ඊයේ (03) සම්මත කර ගනු ලැබූ යෝජනාව මගින් සිරියාව පිළිබඳ දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්වීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය හෙළා දකිනු ලැබුවා. එය සම්මත වූයේ පක්ෂව ඡුන්ද 133ක් සහ විපක්ෂව ඡන්ද 12ක් ලෙසයි. සාමාජික රටවල් 31ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා. අදාළ යෝජනා මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙන්ම සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ද දැඩි ලෙස විවේචනය කළා. සෞදි අරාබිය විසින් ජගත් මහා මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ සහ අරාබි ලීගයේ සිරියානු විශේෂ නියෝජිත කොෆි අන්නන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් ජගත් සංවිධානයේ රුසියානු නියෝජිත විටාලි චර්කින් කියා සිටියේ මෙම යෝජනාව ඒක පාර්ශවික යෝජනාවක් බවයි. එමෙන්ම සිරියානු රජයට එරෙහිව සටන් වැද සිටින සන්නද්ධ විපක්ෂයට එමගින් සහාය පළ කර ඇති බවට ද ඔහු චෝදනා කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
731 Views
3,219 Views
3,741 Views
5,438 Views
16,966 Views
57,009 Views
Top