ජපානයේ න්‍යෂ්ටික විරෝධතා නැවතත්.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පෙරවරු 08:07
න්‍යෂ්ටික බලාගාර දෙකක් යළි කි‍්‍රයාත්මක කිරීමට ජපාන අගමැති යොෂිකිකෝ නෝඩා ගෙන ඇති තීරණයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ටෝකියෝ නුවර දී ඊයේ (03) පැවැත්වුණා. ජපාන අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවට 17,000කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බව සඳහන්. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයේ දී න්‍යෂ්ටික බෝම්බ ප‍්‍රහාර දෙකකට ලක් වූ ජපන් ජාතිකයන් න්‍යෂ්ටික බලාගාරවලට අඛණ්ඩව විරෝධය පළ කරනවා. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පසුගිය වසරේ ඇති වූ අනතුරත් සමග ජපානයේ න්‍යෂ්ටික විරෝධතාව තවදුරටත් උත්සන්න වුණා.
