පට්ටිපොළ - ඔහිය ප‍්‍රදේශයේ යළිත් ගිනි ගැනීම්.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පෙරවරු 09:18
පට්ටිපොළ - ඔහිය ප‍්‍රදේශයේ නැවතත් ගින්නක් හටගෙන ඇතැයි නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසනවා. දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේ පසුගිය දා ද මෙම ප‍්‍රදේශයේ ගින්නක් හටගත් අතර, ඊයේ (03) දිනයේ දී එම ගින්න නිවා දමනු ලැබූ බවයි. එම ගින්නෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණුනා. අද (04) දිනයේ නැවතත් ගින්න හටගෙන ඇති අතර මේ වන විට ගින්න මැඬ පැවැත්වීම සඳහා යුධ හමුදාවේ සහ පොලීසියේ සහාය ලබාගෙන ඇති බව දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
