සෝමාලි කොල්ලකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන තොරතුරක් නැහැ.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පෙරවරු 10:06
‘ඇල්බෙඩෝ’ නම් මලයාසියානු නෞකාවක සේවය කරමින් සිටියදී සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගත් ශ‍්‍රී ලාංකික නැවියන් 6 දෙනා පිළිබද තොරතුරක් නොමැති බව වාර්තා වනවා. ඔවුන් පාකිස්තානයේ කරච්චි නුවර වෙත පැමිණි බවට කිසිඳු දැනුම්දීමක් සිදුකර නැතැයි එහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා. එහෙත් ඔවුන් සමග කොල්ලකරුවන් අතට පත්වී නිදහස ලැබූ පාකිස්තාන ජාතිකයින් 7 දෙනා දැන් කරච්චියට පැමිණ තිබෙනවා. සෝමාලි කොල්ලකරුවන් විසින් මෙම නෞකාව පැහැර ගත් අවස්ථාවේ එහි පාකිස්තාන ජාතිකයින් 07 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 07 දෙනෙකු, ශ‍්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මෙන්ම ඉන්දියානුවෙකු සහ ඉරාන ජාතිකයෙකු සේවය කරමින් සිටියා. පාකිස්තාන නැවියන්, මුහුදු කොල්ලකරුවන්ට කප්පම් ගෙවීමෙන් පසු මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
