පටිටිපොළ යළි ගිනි ගනී. - අක්කර 200ක් විනාශයි.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පස්වරු 12:12
පට්ටිපොළ - ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ නැවතත් ගින්නක් හටගෙන ඇතැයි නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසනවා. දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේ අද දිනයේ පමණක් අක්කර 200ක පමණ භූමි ප‍්‍රමාණයක් ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි. මෙම ප‍්‍රදේශයේම මීට දින කිහිපයකට පෙර ගින්නක් හටගත් අතර මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වුණා. කෙසේවෙතත් ඊයේ (03) දිනය තුළ ගින්න නිවා දැමූ නමුත් අද (04) යළිත් ගිනි හට ගැනීම් සමග එය පාලනය සඳහා පොලීසියේ සහ යුධ හමුදාවේ සහාය ලබාගෙන ඇති බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
