තණතිල්ල පන්දුයවන්නන්ට වාසිදායකලූ.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පස්වරු 12:18
පළමුවෙන් පන්දුවට පහර දී එම ලකුණු සංඛ්‍යාව රැක ගැනීමට නොහැකිව කොළඹ දී දෙවරක් පරාජය ලැබූ ශ‍්‍රී ලංකා පිළ අද නැවතත් ඉන්දියාව සමග එක්දින තරගයකට මුහුණ දෙනවා. තරගාවලියේ 5 වන සහ අවසාන එක්දින තරගය වන මෙය පැවැත්වෙන පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ දී ඉන්දීය පිළ මෙතෙක් තරගයකට සහභාගි වී නැහැ. කෙසේ නමුත් එහි තණතිල්ල ද පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව කි‍්‍රකට් විචාරකයින් පවසනවා. කණ්ඩායම් දෙකේ වෙනස පවතින්නේ පිතිකරුවන් අතරයි. තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් 5 දෙනා අතරින් 4 දෙනෙකුම ඉන්දීය ක‍්‍රීඩකයින්. ශ‍්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා වූ කුමාර් සංගක්කාර ඇගිල්ලේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් ව සිටිනවා. තිලකරත්න ඩිල්ශාන් සහ මහේල ජයවර්ධන පසුගිය තරග දෙකේදී ප‍්‍රහාරාත්මක පිති හරඹයක නිරත වූයේ නැහැ. එමෙන්ම යොවුන් ක‍්‍රීඩකයින් වූ දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්නට ඉන්දීය පන්දු යවන්නන්ගේ දුර්වලතා හඳුනාගෙන තරග ජයග‍්‍රහණය කිරීමට හැකියාවක් නොලැබුණු බවයි ක‍්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. තරගාවලිය දැනටමත් ජයග‍්‍රහණය කර ඇති ඉන්දීය පිළට ද ක‍්‍රීඩකයින් තෝරා ගැනීමේ ගැටලූ පවතිනවා.
