පාකිස්තාන හමුදා නිලධාරීන්ට යුධාධිකරණයකින් සිර දඬුවම්.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පස්වරු 12:21
තහනම් ත‍්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පැවැත්වූ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් 5 දෙනෙකුට පාකිස්තානය විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ අතරින් ශ්‍රේෂ්ඨතම හමුදා නිලධාරියා වූ බි‍්‍රගේඩියර් අලි ඛාන්ට හිමි වී ඇත්තේ වසර 5ක සිර දඩුවමක්. අනෙක් නිලධාරීන් 4 දෙනාට මාස 18 සිට වසර 3 දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා. පාකිස්තාන යුධ අධිකරණයක් විසින් මොවුන් වරදකරුවන් කරනු ලැබූ අතර ඔවුන් සම්බන්ධතා පැවැත්වූ තහනම් සංවිධානය හෙළිදරව් කොට නැහැ. එහෙත් මොවුන් හිස්බ් - උට් - තහ්රීර් නැමැති බි‍්‍රතාන්‍යයේ සිට කි‍්‍රයාත්මක වන පාකිස්තානය තුළ තහනම් ත‍්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. යුධ අධිකරණය මගින් සිර දඩුවම් නියම කළ හමුදා නිලධාරීන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් පාකිස්තාන රජය ප‍්‍රකාශ කළා. බි‍්‍රගේඩියර් අලි ඛාන් අත්අඩංගුවට ගැනුණේ පාකිස්තානයේ ඇබටෝබාද් හිදී ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කිරීමෙන් අනතුරුවයි.
