පෙරටුගාමීන් දෙදෙනෙකු අත්අඩංගුවට.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පස්වරු 12:32
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද පැවැත්වීමට නියමිත සම්මන්ත‍්‍රණයේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වූ එහි සාමාජිකයින් දෙදෙනෙකු ගම්පහ පොලීසිය විසින් ඊයේ (03) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගත් සාමාජිකයින් පැයකට ආසන්න කාලයක් පොලිස් ස්ථානයේ රඳවාගෙන ප‍්‍රශ්න කර ඇති බවයි.
මේ පිළිබදව හිරු ප‍්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම සාමාජිකයින් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇති බවයි.
