ඔස්ටේ‍්‍රලියාවට යාමට සිටි 6 දෙනෙකු අල්ලයි.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පස්වරු 02:01
ඔස්ටේ‍්‍රලියාවට පලායාමට සූදානමින් සිටි ශ‍්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට වාර්තා සඳහන් කළේ මොවුන් තමිල්නාඩුවේ - පෙරිකලාපෙට් ප‍්‍රදේශයේ නිවසක රැදී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අදාළ නිවසේ සැකකටයුතු යමක් සිදුවන බවට පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව ඔවුන් සිදුකල පරීක්ෂා කිරීම්වලදී පුද්ගලයින් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 6 ක ළමයෙකු ද වන බව සඳහන්.
