ජනපති හිඟුල්ඔය සරණංකර හිමියන් බැහැ දකී.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පස්වරු 03:32
පැරකුම්බා යුගයෙන් පසු රට එක්සේසත් කළ එකම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව රාජකීය පණ්ඩිත පූජ්‍ය හිඟුල්ඔය සරණංකර හිමියන් ප‍්‍රකාශ කළා. ඒ උන්වහන්සේගේ සුවදුක් විමසන්නට මහනුවර - මොලගොඩ රජ මහා විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදියි. අස්ගිරි පාර්ශවයේ මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ නමක් වන සරණංකර නාහිමියන් ශ‍්‍රී ලංකාවේ දැනට වැඩ වසන ප‍්‍රවීණතම පණ්ඩිත හිමිපාණන් වහන්සේනමක්. මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ ද ජනාධිපතිවරයා සමඟ මොලගොඩ විහාරස්ථානයට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ.
