අත්තනගල්ලට තවත් නමක්.
2012 අගෝස්තු 05 ඉරිදා- පෙරවරු 07:08
අතීතයේ දඹුල්ලට ‘‘පුංචි අත්තනගල්ල’’ යැයි ප‍්‍රකාශ කළ ඇතමුන් දැන් අත්තනගල්ල ‘‘පුංචි දඹුල්ල’’ යැයි හඳුන්වන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. දඹුල්ලේ ඊයේ (04) පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ මුහුණදී ඇති අර්බුද පිළිබඳව අදහස් දක්වමින්. එක්සත් ජාතික පක්ෂ නායකයා සහභාගි වන රැස්වීම්වලට ජනතාව අඩුවීම කණගාටුවට කරුණක් බවද ඔහු එහිදී කියා සිටියා.
මේ අතර ආණ්ඩුවට ජනතා ප‍්‍රශ්න විසඳීමට හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මන්තී‍්‍ර සුනිල් හඳුනෙත්ති මේ බව සඳහන් කළේ මඩකලපුවේ ඊයේ පැවති රැස්වීමකදීයි.
