5 වන තරඟය ශ‍්‍රී ලංකාව පරාදයි.
2012 අගෝස්තු 05 ඉරිදා- පෙරවරු 07:34
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමග පැවති පස්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 20 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. පල්ලේකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 07 ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 294 ක්. ගෞතම් ගාම්බීර් එහිදී ඉන්දියාව වෙනුවෙන් ලකුණු 88 ක් රැස් කළ අතර ලසිත් මාලිංග ලකුණු 64 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා. ඊයේ ඔහු ලබාගත් තුන්වන කඩුල්ල මාලිංගගේ 200 වන එක්දින ජාත්‍යන්තර කඩුල්ලයි. ජයග‍්‍රාහී ලකුණු 295 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 04 කදී සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 274 ක් පමණයි. ජීවන් මෙන්ඩිස් ලකුණු 72 ක් රැස්කළ අතර ළහිරු තිරිමාන්න ලකුණු 77 ක් එහිදී ලබාගත්තා. තරගයේ වීරයා බවට පත්වූයේ ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුළු 05 ක් බිඳ හෙළු ඉන්දීය කණ්ඩායමේ ඉර්ෆාන් පතාන්. මෙම තරගයේ ජයග‍්‍රහණය සමග ඉන්දීය කණ්ඩායම තරග 05 කින් සමන්විත තරගාවලියේ ජය 04 ට 01 ක් ලෙස තහවුරු කර ගත්තා. තරගාවලියේ වීරයා බවට පත්වුයේ ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලියි.
