ෆයිනස් කිරිවලටත් හොඳ කලක්.
2012 අගෝස්තු 05 ඉරිදා- පෙරවරු 07:37
ෆයිනස් කිරි ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදාගැනීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මේ වනවිටත් රජයේ රක්ෂිත කිහිපයක් ෆයිනස් කිරි නිස්සාරණය කිරීම සඳහා සමාගම් කිහිපයකට ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස ලබාගන්නා කිරි අපනයනය කරන අතර ඒවායින් සුවඳ විලවුන් සහ තීන්ත නිෂ්පාදනය කෙරෙනවා. මාතර දිස්ත‍්‍රික්කයේ මාස්මුල්ල රක්ෂිතය, කැකණදුර රක්ෂිතය සහ දියදාව ප‍්‍රදේශයේ දැනටමත් ෆයිනස් කිරි ඵලදායී ලෙස නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඉතිරි ෆයිනස් වගා බිම්ද මේ සඳහා ලබාදීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.
