ජගත් සංවිධානය මියන්මාරයට. සත්‍ය කොමිසමක් ඉල්ලයි.
2012 අගෝස්තු 05 ඉරිදා- පෙරවරු 07:39
දශක ගණනාවක් තිස්සේ මියන්මාරයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සත්‍යය ප‍්‍රකාශ කිරීමේ කොමිසමක් පිහිටවිය යුතු බව ජගත් සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය පිළිබඳ විශේෂ නියෝජිත තෝමස් ඔජෙයා පවසන්නේ එරට දැන් සිදුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයට සමගාමීව එවැන්නක් සිදුවිය යුතු බවයි. ආණ්ඩු විරෝධී කණ්ඩායම් සහ සුළු ජන කොටස් මියන්මාර හමුදා රජය වෙතින් පීඩාවට ලක්වීමේ සිද්ධීන් සංහිදියා ක‍්‍රියාමාර්ගයට බාධාවක්. එබැවින් මෙවැනි සත්‍ය කොමිසමක් මගින් මියන්මාරයේ ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය පරිපූර්ණ වන බව ජගත් සංවිධානයේ අදහසයි. දශක 5 ක් තිස්සේ හමුදා මූලික වූ පාලනයක් පැවති මියන්මාරයේ වත්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප‍්‍රජාවේ ප‍්‍රසාදයට ලක්වී තිබෙනවා. එහෙත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ අතීතය සැළකිල්ලට ගෙන ඊට එරෙහිව පැනවුණු සම්බාධක සියල්ල මෙතෙක් ඉවත් කර නැහැ.
