ලක්ෂ 75 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට තවමත් අහිමියි.
2012 අගෝස්තු 05 ඉරිදා- පෙරවරු 09:01
පසුගිය 2002 / 2004 වර්ෂවල ජාතික ලේ බැංකුවෙන් ලබාගත් රුධිරය සඳහා සහ රසායනාගාර සේවා සඳහා පෞද්ගලික රෝහල් 06 ක් රුපියල් ලක්ෂ 75 කට ආසන්න මුදලක් මෙතෙක් ගෙවා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නවතම විගණන වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ජාතික ලේ බැංකුව විසින් අදාළ හිඟ මුදල අයකර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළත්, එම කාලසීමාව තුළ සිදුවූ ගණුදෙනුවලට අදාළව ලියකියවිලි නිසියාකාරයෙන් නොතිබීම ගැටළුවක් වී තිබෙනවා.
