යේමනයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් 25 දෙනෙකු මරුට.
2012 අගෝස්තු 05 ඉරිදා- පෙරවරු 11:44
දකුණු දිග යේමනයේ අබ්යාන් ප‍්‍රාන්තයේ ගම්මානයක පැවති අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින 25 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. අවමංගල්‍ය උත්සවය පවත්වා ඇත්තේ යේමනයේ අල්කයිඩා සාමාජිකයන් පිළිබඳව තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු වෙනුවෙන්. මෙම සිද්ධියට පෙර ඇමරිකානු ඩ්‍රෝන් යානයක් එල්ල කළ ප‍්‍රහාරයකින් යේමනයේ අල්කයිඩා සාමාජිකයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. අල්කයිඩා අනුගාමිකයෙකු අවමංගල්‍ය උත්සවයට කඩා වැදී ප‍්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඉන් අනතුරුවයි.
