පාකිස්ථානය හරහා නේටෝ සැපයුම්වලට අවසර.
2012 අගෝස්තු 05 ඉරිදා- පස්වරු 12:59
ඇෆ්ගනිස්ථානයේ නේටෝ හමුදා වෙත පාකිස්ථානය හරහා සැපයුම් සිදුකිරීමට නැවතත් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව වයඹ පාකිස්ථානයේ ටොර්කාම් දේශ සීමාව හරහා කන්ටේනර් රථ 14 ක් ඇෆ්ගනිස්ථානයට අද (05) ඇතුළුවුණා. ඇෆ්ගනිස්තානය වෙත සිය රට හරහා සිදු කෙරෙන සැපයුම් පාකිස්ථානය පසුගිය ජූලි 24 වැනිදා සිට අත්හිටවනු ලැබුවා. ඒ පේෂාවර් නගරයේදී නේටෝ ට‍්‍රක්රථ පෙළකට සන්නද්ධ ප‍්‍රහාරයක් එල්ලවීමත් සමගයි. එම ප‍්‍රහාරයෙන් ට‍්‍රක් රථ රියදුරෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. ඇෆ්ගනිසථානයේ නේටෝ හමුදා වෙත සැපයුම් සිදු කෙරෙන ප‍්‍රධාන ගොඩබිම් මාර්ගය වැටී ඇත්තේ පකිස්ථානය හරහායි.
