වේගවත්ම මිනිසා තේරීමේ තරගය අදයි.
2012 අගෝස්තු 05 ඉරිදා- පස්වරු 06:46
ලොව වේගවත්ම මිනිසා තේරීමේ තරගය හෙවත් ඔලිම්පික් පිරිමි මීටර් 100 තරගය ලන්ඩන් වෙලාවෙන් අද (05) රාත‍්‍රී 9.50ට පමණ පැවැත්වෙනවා. බොහෝ දෙනෙකු බලාපොරොත්තුව සිටින්නේ මීටර් 100 ඔලිම්පික් ලෝක වාර්තාවට හිමිකම් කියන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් එහි ජයග‍්‍රාහකයා වනු ඇති බවටයි. අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවසන් පූර්ව තරගයේ දී ඔහු එම ඉසව්ව තත්ත්පර 9.76කින් අවසන් කරමින් ජයග‍්‍රහණය කළා. බෝල්ට්ගේ ලෝක වාර්තාව වන්නේ තත්ත්පර 9.58ක්. මූලික තරගවලදී ඔහු උපරිම දක්ෂතා සඟවාගෙන සිටි බව ක‍්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.
