ගුවන් නියමුවන් පුහුණුවට නව තාක්ෂණය.
2012 අගෝස්තු 05 ඉරිදා- පස්වරු 06:52
ගුවන් නියමුවන් පුහුණු කිරීමේ සියලූ තාක්ෂණික මෙවලම් ඇතුළත් නවීන තාක්ෂණයෙන් යුත් ගුවන් නියමුවන් පුහුණු කිරීමේ සමාකෘතියක් මිලදී ගැනීමට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම සූදානම් වනවා. ඕලන්දයෙන් ඇණවුම් කර ඇති එය 2013 වසරේ දී ශ‍්‍රී ලංකාවට රැුගෙන එනු ඇති. මෙම උපකරණයේ ගුවන් නියමුවන්ට සිය පුහුණුවීම් සඳහා අවශ්‍ය සියලූ දේ අන්තර්ගතයි. දකුණු ආසියානු කලාපයේ රටවල් රැුසක ගුවන් නියමු ආධුනිකයන් මෙවැනි ආකෘතියක අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලින් එම ආධුනික නියමුවන් පුහුණුව ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 13ක්.
