‘‘කුතුහලය’’ අඟහරු මතට.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 12:55
‘‘කුතහලය’’ නැමැති රොබෝ යන්ත‍්‍රය මීට සුළු මොහොතකට පෙර අඟහරු ග‍්‍රහයා වෙත පතිත වුණා. අඟහරු ග‍්‍රහයාගේ තොරතුරු සොයා බැලීම සඳහා නාසා ආයතනය විසින් මෙම රොබෝ යන්ත‍්‍රය රැගත් අභ්‍යවකාශ යානය ගුවන්ගත කර තිබුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 5 ක මුදලක් මේ සඳහා වියදම් කළ බවයි නාසා ආයතනය සඳහන් කළේ. අඟහරු ග‍්‍රහයා තුළ ජීවින් ඇතිදැයි සොයා බැලීම සඳහා ජීවින්ට ජිවත්විය හැකි පරිසරයක් ඒ තුළ පවතින්නේදැයි සොයා බැලීම මෙම අඟහරු ගමනේ තවත් විශේෂත්වයක්. අඟහරු මත පතිත වූ ‘‘කුතහලය’’ නැමැති කුඩා රොබෝ යන්ත‍්‍රය මගින් එහි පස් සාම්පල සහ ඳුවිලි සාම්පල ලබා ගැනීමට නියමිත බව ද නාසා ආයතනය ප‍්‍රකාශ කළා. විදෙස් වාර්තා සඳහන් කළේ සාර්ථක අඟහරු ගමන පිළිබඳව නාසා ආයතනයේ විද්‍යාඥයන් සතුටට පත්ව ඇති බවයි.
