Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA.
Monday, 06 August 2012 - 18:45
චීන ධීවරයන් නිදහස් කරන්න. - චීනය.
12

Shares
1,492

Views

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු ට්‍රෝලර් යාත්‍රා දෙකේ සිටි චීන ධීවරයින් 37 දෙනා නිදහස් කරන ලෙස චීන රජය ඉල්ලීමක් කර ඇතැයි ෂිංහුවා ප්‍රවෘත්ති සේවය සදහන් කළා. චීන තානාපති කාර්යාලය ලක් රජයෙන් ඉල්ලා ඇත්තේ එම ධීවරයන් සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කරන ලෙසයි. එමගින් සත්‍යය තෝරා බේරාගෙන චීන ධීවරයන් හැකි ඉක්මනින් නිදහස් කරන ලෙසත් එමගින් ඉල්ලා තිබෙනවා. නාවික හමුදාව මගින් මෙම ධීවරයන් පිරිස සහ ට්‍රෝලර් යාත්‍රා දෙක ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුවට ඔබ්බෙන් මුහුදේ මසුන් මරමින් සිටින විටයි. එම යාත්‍රා දෙකෙහි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද සිටි බව සඳහන්. ත්‍රිකුණාමලය - චීන වරාය වෙත රැගෙන ආ මෙම චීන ධීවරයින් පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
229 Views
4,411 Views
2,712 Views
2,666 Views
3,374 Views
48,616 Views
Top