Last Updated : 22/11/2014 - 08:52 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
2
shares
271
Views
සුළඟින් මෙගාවොට් 30ක්. 
Monday, 06 August 2012 - 19:00 | Download hirunews app on Android & Apple
Share this article

සුළං බල විදුලි බලාගාර තුනකින් ජාතික පද්ධතියට මෙගාවොට් 30ක විදුලි බලයක් එක්කිරීම ලබන 09 වැනිදා සිදුකෙරෙනවා. දළුව, නිර්මලපුර මුහුදු තීරය ආසන්නයේ පැතිර ඇති එක් බලාගාරයක් සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2400ක්. දෙවැනි බලාගාරය පුත්තලම - ලක්විජය ගල් අගුරු බලාගාරයට යාබදව පිහිටා ඇති අතර ඒ සඳහා ද රුපියල් මිලියන 2400ක් අයෝජනය කර තිබෙනවා. මෙහි සුළං බල විදුලිජනක කුළුණු 8ක් සවි කර ඇති අතර, දැනට දිවයිනෙහි ඉදිකර ඇති විශාලතම සුළං විදුලිබල කුළුණු බලාගාරය එයයි. එම කුළුණු මීටර් 85ක උසකින් හා මීටර් 82ක විශ්කම්භයකින් යුක්ත වනවා.

 

මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් තෙවැනි බලාගාරය සේතපොළ කලපු තීරයට ආසන්නයේ ඉදිකර ඇති අතර, එය මීටර් 65ක් උස සුළං බල විදුලිජනක කුළුණු 7කින් යුක්තයි. මෙම සුළං බල විදුලි බාලාගාර සඳහා දේශීය ඉංජිනේරු දැනුම සහ දේශීය ආයෝජන යොදා ගැනීම විශේෂත්වයක්. වසර 2020 වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 20ක් සූර්ය සුළං හා ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් ආශ‍්‍රයෙන් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.



Add/ View comments
  271 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Sunday, 23 November 2014 - 8:24
පසුගිය දින කිහිපය පුරා රජරට ප‍්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැව් රැසක් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,063  Views  
Share
 667  Views   |

Share
 27,054  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,545  Views   |
Share
 34,891  Views   |