Hirunews Logo
%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B6%A2.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
Monday, 06 August 2012 - 19:03
ඡන්ද නීති කැඩූ ජ.නි.පෙ. අපේක්ෂකයා එළියට.
3

Shares
396

Views

කෑගල්ල නගරයේ අද (06) පැවැති උත්සවයකදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් සන්ධාන අපේක්ෂකයෙකු එම උත්සව භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. නිවාස සංවර්ධන අධිකාරිය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට මූල්‍යාධාර චෙක්පත් පිරිනැමීමේ උත්සවයක් පැවැත්වුණේ අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන්. ඒ, කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දීයි. මෙම උත්සවය සඳහා මෙවර පළාත් සභා ඡන්දයට එක්සත් නිදහස් සන්ධානය යටතේ කෑගල්ල දිස්ත්‍රික්යට තරග වදින අපේක්ෂකයෙකු වන උපාලි ජිනදාස ද සහභාගි වී සිටියා. කෑගල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ටී.ඒ.සී.එන්. තලංගමට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ අපේක්ෂකයා උත්සව භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා. ඒ අනුව සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝජිතයෙකු උත්සව භූමියට පැමිණ උපාලි ජිනදාස අපේක්ෂකයාව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. මොහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් සන්ධාන ලැයිස්තුවෙන් මෙවර සබරගමුව පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
861 Views
12,483 Views
4,996 Views
2,742 Views
1,223 Views
8,824 Views
Top