Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
Monday, 06 August 2012 - 19:08
වැලිගොඩ දැමීම ගැන අම්පාරේ අවුලක්.
3

Shares
438

Views

අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්ඔය ප්‍රදේශය ආශ්‍රිතව බලපත්‍ර නොමැතිව ගොඩවැලි කැණීම් සිදුකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ රජයේ අනුදැනුම ඇතිව එම වැලි ගොඩදැමීම් සිදුකරන බවට සාක්ෂි පවතින බවයි. මේ හේතුවෙන් වැලි ගොඩ දැමීමෙන් ජීවත්වන ප්‍රදේශවාසී ජනතාව දැඩි ලෙස අපහසුතාවයකට පත්වී සිටිනවා. ඊයේ (05) දිනයේදී ප්‍රදේශයේ වැලි ගොඩදමන පිරිස් විසින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවයක ද නියැලූණා. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පොලිසියට මේ පිළිබඳව දැනුම්දුන්න ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි. කෙසේ වෙතත් ඊයේ දැක්වූ විරෝධතාවය මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැලි ගොඩදමන උපකරණ සහ ලොරි රථ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බලපත්‍ර නොමැතිව වැලිගොඩ දැමීම නිසා  අපහසුතාවයට පත්වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙසේ අදහස් දක්වා සිටියා.

 



 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අම්පාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපාගෙන් විමසීමක් කළා. දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ගල්ඔය ගංදෑල ආශ්‍රිත ප්‍රදේශයේ කිසිදු පුද්ගලයෙකුට වැලි කැණීම සඳහා බලපත්‍ර ලබාදී නොමැති බවයි.

 



මේ අතර ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මී ඔය සහ ඇතුගල ප්‍රදේශවල විශාල වශයෙන් වැලි ජාවාරමක් සිදුවන බැව් ප්‍රදේශවාසීන් පවසනවා. එහෙත් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම නිවස ඉදිකිරීම සඳහා ගෙන ආ වැලි තොගය නීති විරෝධී බව පවසමින් පුත්තලම පොලීසිය විසින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ පිළිබඳ වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම නිවෙස් හිමියා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
176 Views
2,620 Views
3,650 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top