රුහුණ යුනිස්ට.
2012 අගෝස්තු 07 අඟහරුවාදා- පස්වරු 12:43
එස්.එල්.පී.එල්. විස්සයි විස්ස තරගාවලියේ රුහුණ රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පාකිස්තානයේ ප‍්‍රවීන වේග පන්දු යවන ක‍්‍රීඩක වකාර් යුනිස් තෝරාගෙන තිබෙනවා. වකාර් යුනිස් පාකිස්තාන පිළේ ලාබාලතම ටෙස්ට් නායකයා මෙන්ම කි‍්‍රකට් ඉතිහාසයේ තුන්වන ලාබාලතම ටෙස්ට් නායකයා ඔහුයි. 1989 සිට 2003 වසර දක්වා සිය ජාත්‍යන්තර කි‍්‍රකට් දිවියේ දී වකාර් යුනිස් ටෙස්ට් තරග 87කට සහ එක්දින ජාත්‍යන්තර තරග 262කට සහභාගි වුණා. එම කාලය තුළ ඔහු ටෙස්ට් කඩුලූ 373ක් සහ එක්දින කඩුලූ 416ක් ලබා ගත්තා. එස්.එල්.පී.එල්. තරගාවලියේ රුහුණ රෝයල්ස් කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ‍්‍රී ලංකා පිළේ හිටපු ටෙස්ට් නායකයෙකු වන හෂාන් තිලකරත්න කටයුතු කරනවා.
මේ අතර, සංචාරක ඉන්දීය පිළ සහ ශ‍්‍රී ලංකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගනයේ දී අද (07) පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මෙම තරගයට පිවිසෙන්නේ සිය විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 1000ක වීමට තවත් ලකුණු 45ක් පමණ තිබියදීයි.
