චීනයට ‘හයිකුයි’ එයි.
2012 අගෝස්තු 07 අඟහරුවාදා- පස්වරු 12:49
සතියක් තුළ චීනයට හමා එන තුන් වන චණ්ඩ මාරුතය හේතුවෙන් ෂැංහයි නුවර දෙලක්ෂයකට අධික ජනතාව ආරක්ෂක ප‍්‍රදේශ වෙත ඉවත් කර තිබෙනවා. චීනයේ නැගෙනහිර වෙරළට අද (07) සවස් කාලයේ හෝ හෙට (08) උදෑසන මෙම සුළි සුළඟ ළගා වනු ඇතැයි චීන කාලගුණ අංශ ප‍්‍රකාශ කළා. හයිකුයි සුළි සුළඟ 2005 වසරෙන් පසු ෂැංහයි නුවරට බලපාන දරුණුතම චණ්ඩ මාරුතය බවටයි අනාවැකි පළ වන්නේ. මේ නිසා නැගෙනහිර චීනයේ ෂැංහයි මෙන්ම ෂෙජියෑන් ප‍්‍රාන්තවල ද ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටිනවා. එය අද උදෑසන වන විට නැගෙනහිර චීන වෙරළට කිලෝමීටර් 330ක් ඈතින් වූ මුහුදේ ස්ථානගත වී පැවැතුණා. සුළි සුළඟ හේතුවෙන් නැගෙනහිර චීනයේ මුහුදු යාත‍්‍රා 30,000ක් පමණ නැවත වරායන් වෙත කැඳවා තිබෙනවා.
