විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට.
2012 අගෝස්තු 08 බදාදා- පෙරවරු 07:34
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ඊයේ (07) පැවැති පන්දු වාර විස්සයි විස්ස තරගය ලකුණු 39කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 155ක්. විරාට් කෝලි ලකුණු 68යි. ලකුණු 156ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 116ක් පමණි. ඒ අනුව ලකුණු 39ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති එක්දින තරගාවලිය ද ජයගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායමයි.
