සිනායි කතරට ඊජිප්තු ගුවන් ප‍්‍රහාර.
2012 අගෝස්තු 08 බදාදා- පස්වරු 03:18
ඊජිප්තු හමුදා හෙලිකොප්ටර් යානා මගින් ඊශ‍්‍රායල සහ ගාසා දේශ සීමාවේ සිනායි කාන්තාර ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහි සිට ක‍්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් එම ප‍්‍රහාරවල ඉලක්කය වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම ප‍්‍රහාරවලින් සන්නද්ධ සටන්කාමීන් 20 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සඳහන්. ඊජිප්තු හමුදාව මෙලෙස ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් හමුදා මුරපොළ කිහිපයකට පහරදීමත් සමගයි. ඔවුන් සිනායි ප‍්‍රදේශයේ ඊජිප්තු දේශ සීමා භටයන් 16 දෙනෙකු පසුගිය ඉරිදා ඝාතනය කළා. මේ අතර ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කළේ දේශ සීමාව හරහා සිය රටට ඇතුලූ වූ සන්නද්ධ සටන්කාමීන් පිරිසක් සිය හමුදා විසින් මරා දැමූ බවයි.
