Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.
Thursday, 09 August 2012 - 18:42
විදුලිය කප්පාදුව හෙටත්.
13

Shares
1,650

Views

පුත්තලම - දළුව, සේතපොල සහ නොරොච්චෝල යන ප්‍රදේශයන්ගේ ස්ථාපිත කර ඇති සුළං බලයෙන් ක්‍රියාත්මක කෙරෙන විදුලි බලාගාර 03 කින් මෙගා වොට් 30 ක් අද (09) ජාතික පද්ධතියට එක් කෙරුණා. එම අවස්ථාවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ ඉදිරියේදී මන්නාරම සහ පුනගරීන් යන ප්‍රදේශවලද සුළං උද්‍යාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

rn

මේ අතර, හෙට (10) දිනයේද උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා අදියර 04 කින් පැය 2 යි විනාඩි 15 ක කාලයක් විදුලිබලය අත්හිටුවන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නොරොච්චෝලේ බලාගාරයේ ඊයේ ඇතිවු දෝෂය මෙම තත්ත්වයට හේතුවයි.

හෙට (10) දහවල් 12 න් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ විධායක නොවන ශ්‍රේණිවල සියලූම වෘත්තීය සමිති වැටුප් වැඩිවීම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්ද දියත් කිරීමට නියමිතයි. එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති සඳහන් කළා.

rn

කෙසේ වෙතත්, අම්පාර ප්‍රදේශයේ අද (09) පැවති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විදුලි කප්පාදුව  සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දැඩි විවේචනයට ලක් කළා.

rn




මේ අතර, නොරොච්චෝලේ බලාගාරය නැවත අක්‍රිය වීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළා.
 


පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ජලය සංරක්ෂණය කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. කැබිනට් මණ්ඩලයේ නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මෙම අධ්‍යයනය සඳහා පත්කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,186 Views
15,892 Views
56,285 Views
Top