මෙක්සිකෝවට සුළි සුළඟක්.
2012 අගෝස්තු 10 සිකුරාදා- පෙරවරු 08:18
අර්නෙස්ටෝ චන්ඩ මාරුතය ඊයේ දෙවන වරටත් මෙක්සිකෝ වෙරළට පතිත වුණා. පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් හැමූ සුළි සුළඟ හේතුවෙන් මෙක්සිකෝවේ දකුණුදිග ගල්ෆ් මුහුදු තීරය ආසන්නයේ ජල ගැලීම් ද හට ගත්තා. එය බෙලීස්, ගෝතමාලා සහ හොන්ඩියුරාස් යන රටවලට හානි සිදුකිරීමෙන් අනතුරුවයි නැවතත් මෙක්සිකෝවට පැමිණියේ. මෙක්සිකෝ ජනතාව ඔලිම්පික් පාපන්දු අවසන් මහා තරගය පිළිබඳ අවධානය යොමු කෙරෙමින් සිටින විටයි මෙලෙස චන්ඩ මාරුතයකට මුහුණ දෙන්නේ. ඔලිම්පික් පාපන්දු රන් පදක්කම සඳහා බ‍්‍රසීලය සහ මෙක්සිකෝව තරගවදින්නේ හෙටයි.
