බළලෙකු බේරා ගැනීමට ළිඳට බැස්ස පුද්ගලයෙකු මරුට.
2012 අගෝස්තු 10 සිකුරාදා- පෙරවරු 10:34
ළිඳකට වැටී සිටි බළලෙකු ගොඩට ගැනීම සඳහා එම ළිඳට බසින ලද පුද්ගලයින් 05 දෙනෙකුට හදිසියේ ඇතිවු ශ්වසන ආබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් අයෙකු ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අලව්ව - ටිරිහෙලිය ප‍්‍රදේශයේ නිවසක අඩි 25 ක් පමණ ගැඹුරු ළිඳකට මෙම බළලා වැටී තිබෙනවා. අනතුරුව එක් පුද්ගලයෙකු එම බළලා ගොඩට ගැනීම සඳහා ළිඳට බැස ඇති අතර, ඔහුට ළිඳ තුළදී ශ්වසන අපහසුතාවයක් හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප‍්‍රකාශ කළේ. තවත් පුද්ගලයින් 04 දෙනෙකු ළිඳට බැස ඇත්තේ එම පුද්ගලයා ගොඩට ගැනීම සඳහායී. එම අවස්ථාවේදී ඔවුන්ටද ශ්වසන ආබාධයක් ඇති වී ඇති අතර, අනතුරුවයි ඔවුන් සියලූ දෙනා අලව්ව රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ.
