ඇමති සුසිල්ට සහ බර්ටි පේ‍්‍රමලාල්ට නොතීසි.
2012 අගෝස්තු 10 සිකුරාදා- පස්වරු 06:24
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තට මේ මස 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (10) නොතීසි නිකුත් කෙරුණා. ඒ, අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි සාරුව ලියනගේ සුනිල් විසින් ගොනු කර තිබූ පෙත්සමක් කොළඹ දිසා අධිකණයේ දී අද (10) විභාගයට ගත් අවස්ථාවේදීයි. ළමා අපයෝජන චෝදනාවකට වරදකරු වී සිටින සාරුව ලියනගේ සුනිල් පසුගිය දා ප‍්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සන්ධානය තීරණය කළා. එය අභියෝගයට ලක් කරමිනුයි ඔහු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. තම පක්ෂ සාමාජිකයත්වය අහෝසි කිරීම තහනම් කරමින් සන්ධාන මහලේකම්වරයාට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහෙත් කොළඹ දිසා අධිකරණ විනිසුරු ප‍්‍රදීප් ජයතිලක එහිදී අතුරු තහනම් දැන්වීමක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ සන්ධාන මහලේකම්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. කෙසේ වෙතත්, අද (10) මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යළි මේ මස 20 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර, මැතිවරණය සඳහා උතුරුමැද පළාත් සභාවට අයත් දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි හිටපු පළාත් මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ඇතුළු 13 දෙනෙකුට අද (10) නොතිසී නිකුත් කෙරුණා. උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මෙලෙස නොතිසී නිකුත් කළේ අපි පුරවැසියෝ නැමැති සංවිධානය ගොනුකළ පෙත්සමක් අද (10) සලකා බැලූ අවස්ථාවේදීයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙන එන අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද.
එක්සත් ජාතික පක්ෂය කොළඹ දී අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ද මැතිවරණයේ දී රාජ්‍ය දේපළ යොදාගැනීම පිළිබදව අදහස් පළ වුණා. මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ මෙම තත්ත්වය වැළැක්වීමට ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කළ යුතු බවයි.
නැගෙනහිර පළාත් සභාවට අම්පාර දිස්ත‍්‍රික්කයෙන් තරග වදින සමාජවාදී ජනතා පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙක් ද අද (10) එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. සමාජවාදී ජනතා පෙරමුණ නමින් මෙසේ නාම යෝජනා ලබාදී ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ සන්ධානය යටතේ සිටින සම සමාජ, කොමියුනිස්ට්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාශිංක පෙරමුණ යන පක්ෂවල එකතුවයි. මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ සමාජවාදී ජනතා පෙරමුණේ චමින්ද පුෂ්පකුමාර සහ එම්.පී. අශෝකා වයලට් යන අපේක්ෂකයන්. පක්ෂ මාරු කිරීමෙන් පසු හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ චමින්ද පුෂ්පකුමාර.
