වික්ටෝරියා සහ රන්දෙණිගලත් අවදානමක.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
ශිරාල් - මෛත‍්‍රී යූ එන් පි යෙන් නෙරපීම.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-20
වික්ටෝරියා සහ රන්දෙණිගලත් අවදානමක.
2012 අගෝස්තු 10 සිකුරාදා- පස්වරු 06:43

ඉදිරි දින කිහිපය තුළ වැසි නොලැබුණහොත් රන්දෙණිගල සහ වික්ටෝරියා ජලාශවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ කටයුතු අත්හිටුවීමේ අවධානමක් මතුවී ඇතැයි විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළා. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පාර්ලිමේන්තුවේ දී අද (10) අමාත්‍යාංශ ප‍්‍රකාශයක් සිදුකරමින්. නොරච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇති වී තිබෙන දෝෂසහගත තත්ත්වය හේතුවෙන් මේ දිනවල සිදුකෙරෙන විදුලි කප්පාදුව නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සිදුවන අපහසුතා පිළිබද තමන් කණගාටුවට පත්වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ නොරච්චෝලේ විදුලි බලාගාරය ලවණ වැස්සකට හසුවීම නිසා එහි මෙවැනි දෝෂයක් ඇති වී තිබෙන බවයි. අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය අද (10) මැතිසබය විශේෂාංගය තුළින් බලාපොරොත්තු වන්න.  

 

කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරය අක‍්‍රියවීමත් සමග මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වුණා. වික්ටෝරියා සහ රන්දෙණිගල විදුලිබලාගාරවලින් පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 330ක්. දිවයිනේ දෛනික විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2050ක්වන අතර ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙම විදුලිබලාගාරවලින් ආවරණය වනවා. නොරොච්චෝලේ බලාගාරය පසුගිය දා අක‍්‍රියවීමත් සමග දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් දැනටමත් කි‍්‍රයාත්මකයි. රන්දෙණිගල සහ වික්ටෝරියා බලාගාර වැසි නොලැබී කි‍්‍රයා විරහිත කිරීමේ අවධානමක් මතුවුවහොත් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. මේ පිළිබදව හිරු ප‍්‍රවෘත්ති අංශය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික‍්‍රමගෙන් විමසීමක් කළා.  

 



වික්ටෝරියා ජලාශයේ මේ වන විට විදුලිබලය සදහා යොදාගත හැකි ජල ධාරිතාව සියයට 6.8යි. රන්දෙණිගල එය 0.7 දක්වා පහත වැටී තිබෙනවා. ප‍්‍රදේශයේ කාලගුණ තත්ත්වය පිළිබදව ද හිරු ප‍්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ එස්.ආර්. ජයසේකර කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ මිලිමීටර් 20ත්, 30ත් අතර වර්ෂාපතනයක් බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට අපේක්ෂා කළ හැකි බවයි.

 



 

විදුලිබල උත්පාදනය පිළිබඳ මෙවැනි ගැටළුවක් පවතින මොහොතක විධායක නොවන ශ්‍රේණියේ විදුලි වෘත්තිය සමිති මේ වන විට වර්ජනයක නිරත වනවා. ඒ, වැටුප් වැඩිවීම් මුල් කර ගනිමින්. ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණෙහි සභාපති යූ.ආර්.කේ. සේනාරත්න කියා සිටියේ තම ඉල්ලීම් ලැබෙනතුරු අඛණ්ඩව මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ගෙන යන බවයි.

 




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)