අපි ජාතිවාදී නැහැ. - මුස්ලිම් කොංග‍්‍රසය.
2012 අගෝස්තු 11 සෙනසුරාදා- පෙරවරු 07:11
ජාතිවාදී හැගීම් අවුස්සන කිසිඳු ප‍්‍රකාශයක් තමා සිදුකර නොමැති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක, අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. ඔහු කියා සිටියේ ඇතැම් පුද්ගලයන් සහ සංවිධාන තමන් මෙවැනි ප‍්‍රකාශයක් සිදුකර ඇති බවට යම් යම් රාවයන් සිදුකරන බවයි. පසුගිය දා අම්පාර ප‍්‍රදේශයේ පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනතාවට ආගමික නිදහසක් සහ ආරක්ෂාවක් නොමැති බවයි. නැගෙනහිර පළාතේ සංවර්ධනය සිදුවුවත් මුස්ලිම් ප‍්‍රජාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ගැටළු පවතින බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත්, අමාත්‍යවරයා සිදුකර ඇති මෙම ප‍්‍රකාශය රටේ ආගම්වාදය ඇති කරන ප‍්‍රකාශයක් බවයි ජාතික හෙළ උරුමය පවසන්නේ. බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කිරීමට මෙය බලපාන බව ද එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ කියා සිටියා.
එහෙත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ජාතික සංවිධායක සෆීක් රජාබ්දීන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂය කිසිවිටෙක ආගමික භේද ඇති කිරීමට උත්සාහ කර නොමැති බවයි. අමාත්‍යවරයා සිදුකර ඇති එම ප‍්‍රකාශය රටේ සුළු කොටසකට පමණක් බලපාන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, පසුගිය දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වූ කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ නැගෙනහිර පළාතේ මැතිවරණ ප‍්‍රචාරක රැළිවලදී මෙවැනි ප‍්‍රකාශ සිදුවේ ද යන්න පිළබඳ ඉදිරියේ දී සොයා බලන බවයි.
