මීටර් 100 කාන්තා සහය දිවීමේ තරගයෙන් නව වාර්තාවක්.
2012 අගෝස්තු 11 සෙනසුරාදා- පෙරවරු 09:02
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඊයේ (10) රාත‍්‍රියේ පැවැති මීටර් 100 කාන්තා සහාය දිවීමේ තරගය නව වාර්තාවක් පිහිටවමින් ජය ගැනීමට ඇමරිකාව සමත් වුණා. ටියානා මැඩිසන්, ඇලිසන් ෆෙලික්ස්, බියංකා නයිට්, කාමලිටා ජෙටර් ගෙන් සමන්විත ඇමරිකානු සහාය දිවීමේ කාන්තා කණ්ඩායම ඔලිපික් රන් පදක්කම ජයග‍්‍රහණය කළේ තත්ත්පර 40.82කින් ඉසව්ව නිම කරමින්. එහිදී ඔවුන් මීට 27 වසරකට පෙර එනම් 1985 වසරේ දී නැගෙනහිර ජර්මනිය විසින් පිහිටුවා තිබූ තත්ත්පර 41.37ක වාර්තාව බිඳ හෙලනු ලැබුවා. මීටර් 100 ඔලිම්පික් රන් පදක්කම දිනූ ශෙලී ඇන් ෆේ‍්‍රසර් ප‍්‍රයිස් සහ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ වෙරෝනිකා කැම්බල් බ‍්‍රවුන් ඇතුළු සුපිරි ක‍්‍රීඩිකාවන්ගෙන් සමන්විත ජැමෙයිකානු කණ්ඩායට මීටර් 100සහාය දිවීමේ රිදී පදක්කම හිමි වුණා. තුන් වන ස්ථානය යුකේ‍්‍රනය විසින් දිනා ගත් අතර හතර වන ස්ථානය හිමි වූයේ නයිජීරියාවටයි.
මේ අතර, ඔලිම්පික් පාපන්දු ලෝකඩ පදක්කම සඳහා ඊයේ පැවැති තරගයෙන් ජපානය පරදවා ගෝල දෙකට බින්දුවක ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට දකුණු කොරියාව සමත් වුණා. ඔලිම්පික් පාපන්දු පදක්කමක් ජයග‍්‍රහණය කළ දෙවැනි ආසියාතික කණ්ඩායම දකුණු කොරියාවයි. මීට පෙර 1968 වසරේ මෙක්සිකෝ සිටි හි පැවැති ඔලිම්පික් උළෙලේ පාපන්දු ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජපානය සමත් වුණා. අවසන් පූර්ව වටයේ දී දකුණු කොරියාව බ‍්‍රසීලය අතින් පරාජය ලැබූ අතර, එම වටයේ දී මෙක්සිකෝව අතින් ගෝල 3ට 1ක් ලෙස පරාජය ලබන තුරු ජපානය ප‍්‍රතිවාදීන්ට එක ගෝලයක් හෝ ලබාදී නැහැ.
