රනිල්ගෙන්, ලාල්ගෙන් අභියෝග දෙකක්.
2012 අගෝස්තු 11 සෙනසුරාදා- පස්වරු 07:20
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අද දේශපාලන වේදිකාවේදී අභියෝග දෙකක් එල්ල කළා. මීගොඩ අද (11) පැවති රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අභියෝග කළේ නායකයන් නිර්මාණය කිරීමට උත්සාහ කරන ඇතැම් මාධ්‍ය වෙතයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත දේශ හිතෛශීන් වෙත අපූරු අභියෝගයක් සිදුකළා. මහනුවර පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ දේශපාලන වශයෙන් ශ‍්‍රී ලංකාව නිදහස් ස්වෛරී රාජ්‍යයක් බව හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසයි.
