උසේන් බෝල්ට් 3 වන පදක්කමත් දිනයි.
2012 අගෝස්තු 12 ඉරිදා- පෙරවරු 07:44
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 x 4 තරඟ ඉසව්වේ නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට ජැමෙයිකාව ඊයේ සමත්වුණා. ඒ තත්පර 36 යි දශම 84කින් එම ඉසව්ව නිම කරමින්. මේ සමගම ලොව වේගවත්ම මිනිසා ලෙස සැළකෙන උසේන් බෝල්ට් මෙවර ඔලිම්පික් උළෙලේ තුන්වන රන් පදක්කමද දිනාගනු ලැබුවා. 100 x 4 පිරිමි තරඟ ඉසව්වේ රිදී පදක්කම හිමිවූයේ ඇමරිකාවටයි. එහි ලෝකඩ පදක්කම ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ ඳූපත් රාජ්‍ය හිමිකරගනු ලැබුවා. මෙම තරඟයේදී කැනඩාව තුන්වන ස්ථානය දිනාගත් නමුත් යෂ්ටි හුවමාරුවේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් ඔවුන් තරඟයෙන් ඉවත් කිරීමටයි ඔලිම්පික් බලධාරීන් තීරණය කළේ. මේ අතර ඊයේ පැවති පාපන්දු අවසන් තරඟයේදී රන් පදක්කම දිනාගැනීමට මෙක්සිකෝව සමත්වුණා. ඒ බ‍්‍රසීලය ගෝල දෙකට එකක් ලෙස පරාජයට පත් කරමින්. මෙම ජයග‍්‍රහණයත් සමග මෙක්සිකෝව පාපන්දු තරඟයකදී ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්වනවා.
ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේ අවසන් දිනය වන අද වනවිට සමස්ත පදක්කම් සටහනේ රන් පදක්කම් 44 ක් සමගින් පදක්කම් 102 ක් ලබා ඇමරිකා එක්සත් ජනපදය පෙරමුණේ පසුවනවා. රන් පදක්කම් 38 ක් දිනාගත් චීනය දෙවන ස්ථානය හිමිකරගෙන සිටින්නේ සමස්ත පදක්කම් 87 ක් ලබාගනිමින්. බි‍්‍රතාන්‍යයට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.
