Last Updated : 26/11/2014 - 08:50 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
6
shares
785
Views
බදුල්ල රෝහල විරෝධතාවකට පොලිසියෙන් කඳුළු ගෑස්. 
Sunday, 12 August 2012 - 12:56 | Download hirunews app on Android & Apple
Share this article

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කණිෂ්ඨ සේවකයන් එම රෝහල ඉදිරිපිට අද (12) පෙරවරුවේ පැවැත්වූ විරෝධතාවයක් පොලිසිය විසින් විසුරුවා හරිනු ලැබුවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ ඊයේ (11) පස්වරුවේ රෝහල ඉදිරිපිටින් දිවෙන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රෝහල් කණිෂ්ඨ සේවකයෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින්. විරෝධතාවයේ නිරත වූවන් බදුල්ල - බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා මතුවුණා. ඉන් අනතුරුවයි පොලිසිය කඳුළු ගෑස් උපයෝගී කරගනිමින් මෙම විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගනු ලැබුවේ. පසුව විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුමක්ද හටගත් අතර, ඉන් තුවාල ලැබූ බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.



කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ මෙම විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප‍්‍රහාරයට මැදිවීමෙන් බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි. මෙම කඳුළු ගෑස් ප‍්‍රහාරයත් සමග රෝහලේ එක් වාට්ටුවක් වසා දැමීමටද සිදුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නලින් සොයිසා සඳහන් කළා.   



Add/ View comments
  785 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 19:20
ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     3  Views  
Share
 1,380  Views   |

Share
 27,359  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,739  Views   |
Share
 35,083  Views   |